වැඩියෙන් සල්ලි ගන්න සහ ටිකට් නොදෙන බස් ගැන පැමිණිලි කරන්න 

0
3

අධික ලෙස මුදල් අය කරන සහ ටිකට් පත් ලබා නොදෙන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.

එම සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් ඕනෑම පොලිස් ස්ථානයකට පැමිණිලි කළ හැකි බවය.

එමෙන්ම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසට ඔහු ඉල්ලා සිටියේය.

1955 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය පැමිණිලි කළ හැකි බවත් එය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා  වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

මේ අතර අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

එහි ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ මහතා ප්‍රකාශ කළේ, පසුගිය අටවෙනිදා සිට 18 වෙනිදා දක්වා බස් රථ 680ක් පරීක්ෂා කළ බවය. 

එහිදී මගීන්ගෙන් අධික මුදල් අය කළ බස්රථ 80ක් සොයාගත් අතර මගීන්ගෙන් ලබාගත් එම අධික මුදල් යළිත් ඔවුන් වෙත ලබාදීම කටයුතු කළ බවත් බස් රථ පරිපාලනයට දඩ නියම කිරීමට කටයුතු කළ බවත් ඒ මහතා කීය. 

ඒ අනුව ඊයේ (18) දින තුළ පමණක් බස්රථ 150කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර ඇති අතර ඉන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 12ක් සොයාගත් බව රෝහණ වත්තගේ මහතා කියා සිටියේ ය. 

මෙම බස්රථ වැටලීම ලබන 21 වෙනිදා දක්වා පැය 24 පුරාවටම ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here