අද සිට  රාජ්‍ය ආයතන සහ කාර්යාල සාමාන්‍ය පරිදි

0
3

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අද (15) දින සිට සියලුම රාජ්‍ය ආයතන සහ කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම්දි තිබේ.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මගින් දැක්වේන්නේ, ඒ අනුව අද හෙට සහ  අනිද්දා යන දිනවල රජයේ කාර්යාලීය කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති බවය.

මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා නිල වශයෙන් නිවාඩු හිමිවූයේ පසුගිය සඳුදා සහ අඟහරුවාදා (14) යන දින දෙකේදී පමණි. .

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සඳහන් කර ඇත්තේ අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා පහසුකම් සලසමින් අද (15) සිට බස් රථ ධාවනය සක්‍රීය කරන බවය.

සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවෙත මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව එහි ධාවන අධ්‍යක්ෂ, ශෙරීන් අතුකෝරල මහත්මිය විසින් පවසන ලදී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here