බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ සිංහල දෙමිළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ නැකැත් චාරිත්‍ර සිදු කිරීම අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) ගම්පහදී සිදු කෙරිණ.
චාරිත්‍රානුකූලව පුණ්‍ය කාලය තුළ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ගම්පහ මැදගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, මැදගම ශ්‍රී සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් මහා විහාරාධිපති පූජ්‍ය තුන්මෝදර සමිත හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.
මෙවර අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ චාරිත්‍ර කටයුතු ගම්පහ දර්ශන වීරසිහගේ නිවසේ පැවති අතර, වැඩ ඇල්ලීමේ සුබ නැකත උදාවීමත් සමඟ නිවැසියන්ගේ ආරාධනයෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් නිවස පරිශ්‍රයෙහි පැළයක් රෝපණය කළාය. ඊට සමගාමීව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ විදේශ කටයුතු හා සංචාරක ඇමති විජිත හේරත්ද එම පරිශ්‍රයෙහි පැළ රෝපණය කිරීමේ සත්කාර්යයට දායක වූහ.
අනතුරුව අගමැති දරුවන් සමඟ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන්වලද නිරත වූවාය.
සුබ නැකතට අධ්‍යාපන කටයුතුවල නියැලුණු දරුවන් සමඟ එක්වී අකුරු ලිවීමට, කියවීමට මග පෙන්වමින් දේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සංවර්ධනය කිරීමේ සුබ කර්තව්‍යය සනිටුහන් කිරීමටද අගමැති මෙහිදී කටයුතු කළාය.
අනතුරුව අගමැති ඇතුළු අනිකුත් සම්භාවනීය අමුත්තන් නිවැසියන් සමග ගනුදෙනු කිරීම හා තෑගි හුවමාරු කිරීමේ චාරිත්‍රය ඉටු කර නිවැසියන් සමඟ ආහාර අනුභව කිරීමේ චාරිත්‍රයටද එක් විය.
සමස්ත රටවැසියන් වෙත අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ අභියෝග හමුවේ ඒවාට මුහුණ දී නිවැරදිව කළමනාකරණය කර ගැනීමට දායකත්වය සැපයූ දෙස් විදෙස් වෙසෙන සියලු දෙනාට ස්තුතිය පළ කරන බව පැවසුවාය.
මෙහිදී අදහස් දැක් වූ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සූර්ය මංගල්‍යයෙන් නැවුම් බව හා පවිත්‍රතාවය මූර්තිමත් වන බවත්, සූර්යා අප සැමට ජීවය දෙන බව පසක් කරන බවත් ප්‍රකාශ කළ අතර සියලු දෙනාට සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරි අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළේය.
මෙම අවස්ථාවට මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති සහ කම්කරු ඇමති ආචාර්ය අනිල් ජයන්ත, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම, ගම්පහ දිස්ත්‍රික් ලේකම්, නගරාධිපති, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.















ගම්පහ ශ්‍රි සුනන්ධාරාම විහාරයේදී ආගමික වතාවත්වල නිරත වීම





පුණ්‍යකාලයේ දී වත්තල හේකිත ශ්‍රී සිවසුභ්‍රමනියා ස්වාමි දේවස්ථානයේ පූජාවට සහභාගී වීම
0
Saru News
















