ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මන්නාරම මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (14) අලුයම මන්නාරමට ඔබ්බෙන් වූ උතුරු මුහුදේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, යාන්ත්‍රික බෝට්ටුවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ බෝට්ටුව වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම නාවික කඳවුර වෙත රැගෙන ගොස් තිබේ.
Saru News
















