අමෙරිකා – ඉරාන සාම සාකච්ඡා යළිත්?

0
3

අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් මෙම සතියේදී ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රොයිටර් පුවත් සේවය සඳහන් කළේ, අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙම සාකච්ඡා යළි ආරම්භ කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමුව ඇති බවය.

මේ අතර  අමෙරිකා සහ ඉරානය අතර සාකච්ඡා ඉදිරි දින දෙක ඇතුළත යළි ආරම්භ වීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.

‘නිව්යෝර්ක් පෝස්ට්’ පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, “ඉදිරි දින දෙක තුළ කිසියම් දෙයක් සිදුවීමට ඉඩ ඇති බවත්, ඒ සඳහා පාකිස්තානය වෙත යාමට වැඩි නැඹුරුවක් පවතින බවත්” ය.

පසුගිය සති අන්තයේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ඇතුළු නියෝජිත පිරිසක් සාකච්ඡා පැවැත්වූ අතර, එම වටය කිසිදු නිල එකඟතාවයකින් තොරව අවසන් විය.

කෙසේ වෙතත්, ඉරාන රජයේ මාධ්‍ය අද (14) වාර්තා කළේ ඉරානය සහ පාකිස්තානය අතර පණිවුඩ හුවමාරු වී ඇති නමුත්, අමෙරිකාව සමඟ යළි සාකච්ඡා පැවැත්වීම පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බවය. 

මෙම තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට තීරණාත්මක වනු ඇතැයි සැලකේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here