ඩිල්ෂාන් මධුශංක සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග එක්වෙයි

0
3

ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සඳහා න්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක් වී තිබේ.

ඔහු කණ්ඩායමට එක් කරගෙන ඇත්තේ, ආබාධයකට ලක්වූ එංගලන්ත ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් වෙනුවටය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් මිලියන 7.5 ක මුදලකට මධුසංකව සිය සංචිතයට එක් කරගෙන ඇති බව වාර්තා වේ.

බ්‍රයිඩන් කාර්ස් මෙවර තරගාවලියේ සමාරම්භයට පෙර පුහුණුවීම් අතරතුරදී දකුණු අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here