මිහින්තලය, වැල්ලමොරාණ ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී මෙම අනතුරු සිදුව ඇති බවයි සඳහන් වන්නේ .
අනතුරින් එහි රියදුරු සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර ඔවුන් අනුරාධපුර සහ පළුගස්වැව යන ප්‍රදේශවල පදිංචිව සිටි අයවලුන් බවද පොලීසිය පවසනවා
Saru FM Media