ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ ‘හයිටොප් තුෂාරගේ’ ගෝලයෙකු අත්අඩංගුවට

0
3

වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

එහිදී ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 75කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ලබන හයිටොප් තුෂාර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදා හරිනු ලබන ප්‍රධාන ගෝලයෙකු බවයි වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here