විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි ගෙනා මගියාට දඩ මුදලක් පැනවෙයි

0
17


රුපියල් තිස්හතර ලක්ෂ විසිදහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු අද (15) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් වන අතර ඔහු ඩුබායි හි රැකියාවේ නිරත ව සිටින අයෙක් බවයි හෙළි ව ඇත්තේ.

අද අලුයම 05.30 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මළු 03 තුළ සම්පූර්ණයෙන් ම මෙම විදේශීය නිෂ්පාදිත ”ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 22,800ක් අඩංගු දුම්වැටි කාටූන් 114ක් පමණක් සඟවා තිබියදී සොයාගත් බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයක් සිදු කර ,මොහුට දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර, ඔහු ගෙන ආ දුම්වැටි තොගය රාජසන්තක කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here