ආටිමිස් II (Artemis) මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් මිනිස් ඉතිහාසයේ ප්‍රථිවියේ සිට ගිය වැඩිම දුර ප්‍රමාණය පසුකරමින් නව වාර්තාවක් පිහිටුවා තිබේ.
ඒ 1970 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී ඇපලෝ 13 මෙහෙයුම මඟින් තබා තිබූ වාර්තාව අභිබවා යමින්.
ආටිමිස් 2 යානයේ ගගනගාමීන් ඊයේ (06) චන්ද්‍රයාගේ වඩා දුරින් පිහිටි ප්‍රදේශයට ගමන් කිරීමත් සමග මෙම වාර්තාව පිහිටුවා තිබේ.
එහිදී ඔවුන් පෘථිවියේ සිට සැතපුම් 252,752ක් ඈතට ගොස් ඇති බව වාර්තා වේ.
මීට පෙර එම වාර්තාව සඳහන්ව තිබුණේ සැතපුම් 248,655ක් ලෙසයි.
Saru News
















