බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ට්‍රම්ප් රිදවන ප්‍රකාශයක්

0
4

ඉරානයට එරෙහි යුද්ධය තමන්ගේ යුද්ධයක් නොවන බවත්, තමන් ඊට කිසිසේත් සම්බන්ධ නොවන බවත් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් පවසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘Truth’ සමාජ ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

ඉරාන යුද්ධය සඳහා දායකත්වයක් නොදැක්වූ රටවල් තනිවම සටන්කර ඉන්ධන ලබාගත යුතු බවත්, මින් ඉදිරියට අමෙරිකාව එම රටවල්වලට සහාය නොදක්වන බවත් සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා අදාළ සටහන තබා තිබුණි.

ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ආරක්ෂාව, බලශක්තිය, ආර්ථිකය අතින් ගත්කල, තමන්ට වඩා ශක්තිමත් සම්බන්ධතාවක් අවශ්‍ය වන්නේ යුරෝපය සමග බවය.

ඉරානයට එරෙහි යුද්ධයට යුරෝපීය රටවල් සම්බන්ධ නොවීමෙන් පසු, ඔවුන් සමග නේටෝ හමුදා සන්ධානයෙන් ඉවත්වීමට සලකා බලමින් සිටින බව ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයටද කියර් ස්ටාමර් අගමැතිවරයා සිය අදහස දක්වා තිබුණි.

ඔහු පවසන්නේ බ්‍රිතාන්‍ය නේටෝවට සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවය. එය ලෝකයේ මෙතෙක් දැක ඇති එකම ඵලදායී මිලිටරි සන්ධානය බවත් ඔහු පැවසීය.

“මා සහ අනෙක් අය මත කුමන පීඩනයක් එල්ල වුවත්, කුමන හඬක් නැඟුවත් මා තීරණ ගන්නේ බ්‍රිතාන්‍යයේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීමට. මම කියන්නේ මේක අපේ යුද්ධයක් නෙවෙයි කියලා. අපි ඒකට යන්නේ නෑ” යනුවෙන් පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here