ඉරානයට එරෙහිව දියත් කර තිබෙන යුද්ධය අනුමත කර තිබෙන්නේ ඇමරිකානු ජනතාවගෙන් 24%ක් පමණක් බව එරට සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
එම සමීක්ෂණයෙන් 46%ක් දෙනා ඍජුවම යුද්ධයට විරෝධය පළ කර ඇති අතර ඉතිරි පිරිස අදහස් දැක්වීමෙන් වැළකී සිට ඇත. මේ අතර, යුද විරෝධී ජනතා හඬ නියෝජනය කරමින් සෙනෙට් සභිකයෙකු දක්වා තිබූ පැහැදිලි කිරීම් දිනමිණ ෆේස්බුක් අවකාශයෙන් උපුටා ගෙන පහත දැක්වේ.
මේ රටේ කිසිවෙකු ඉරානය සමඟ යුද්ධයක් ඉල්ලා සිටින්නේ නැහැ – එක්සත් ජනපද සෙනෙට් සභික ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රිස්ටෝපර් ස්කොට් මර්ෆි
එක්සත් ජනපද සෙනෙට් සභික ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රිස්ටෝපර් ස්කොට් මර්ෆි පවසන්නේ මෙම යුද්ධය විසින් තව දුරටත් අමෙරිකානු ජීවිත අහිමි වනු ඇති බවයි. ඔහු පවසන්නේ ඉරානයෙන් එල්ල වන ඩ්‍රෝන යානාවලට එරෙහිව එක්සත් ජනපදයට විසඳුමක් නොමැති බවයි.
ඉරානයට එල්ල වන ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමත් සමඟ නීති සම්පාදකයින් එක්ව පැවැත්වූ ‘රහසිගත සාකච්ඡාවකින්’ පසු ඔහු මේ බව මාධ්‍ය වෙත පැවසුවේය.
“මෙම ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී යුද්ධය පිළිබඳව අපි සෙනෙට් සභාවේ විවාද කර ඡන්දය දිය යුතුයි. මේ රටේ කිසිවෙකු ඉරානය සමඟ යුද්ධයක් ඉල්ලා සිටින්නේ නැහැ. මාස කිහිපයකට පෙර අද වගේම මේ රටේ කිසිවෙකු වෙනිසියුලාව සමඟ යුද්ධයක් ඉල්ලා සිටියේ නැත. මෙම ජනාධිපතිවරයා හිතාමතාම අපගේ ආර්ථිකය බිඳ දමමින් සිටිනවා. ඔහු අපේ ජාතියේ ඉතිහාසයේ වඩාත්ම දූෂිත ජනාධිපතිවරයා යි .මේක නීති විරෝධී වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා කොංග්‍රසයට පැමිණ හමුදා බලය යෙදවීම වෙනුවෙන් අනුමැතිය ඉල්ලා සිටීමට බැඳී සිටිනවා. ඔහු එය ඉල්ලා සිටියහොත් ඔහුට එම අවසරය නොලැබෙනු ඇති. කොංග්‍රස් මණ්ඩලය ඔහුට ඒ සඳහා අවසර දීමට ඡන්දය දෙන්නේ නැහැ. කොංග්‍රස් මණ්ඩලය ඉදිරියට පැමිණීමට ජනාධිපතිවරයා බැඳී සිටිනවා.
අඛණ්ඩව සිදුවන හමුදා ප්‍රහාරවල නියැලී සිටින අතර, දැනටමත් ඇමරිකානු සොල්දාදුවන් මරා දමා තිබෙනවා. ඒ ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ ඉලක්කය ඇතුව. එය යුද්ධයක් නොවේ නම්, ඒ කුමක්ද. දැන්, ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉලක්කය පාලන තන්ත්‍රය වෙනස් කිරීම, ඉලක්කය ඉරානයේ මිසයිල වැඩසටහන සහ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන තුරන් කිරීම බවයි. ඔහු ඒ උත්සාහයන් දෙකෙන් එකකින්වත් සාර්ථක වෙන්නේ නැහැ.
ඔහුගේ බුද්ධි අංශ දැනටමත් ඔහුට පවසා ඇත්තේ බොහෝ සිදුවීමට ඉඩ ඇති ප්‍රතිඵලය වන්නේ IRGC හි දැඩි මතධාරී සාමාජිකයින් වත්මන් නායකත්වය ප්‍රතිස්ථාපනය කිරීමයි. ඒ නිසා අපට ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබෙන්නේ නැහැ. අපට වඩා නරක ඉරාන නායකත්වයක් ලැබෙයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට බෝම්බ හෙලීමට නොහැකි බව අපි දැනටමත් දන්නවා. හැබැයි, ජනාධිපතිවරයා පසුගිය වසරේ අපට පැවසුවේ ඔහු ඒ වැඩසටහන විනාශ කළ බවයි. ඉතින් අපේ ඇමරිකානුවන් මිය යාමට සිදුවනු ඇති. අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ඉරානයේ දැඩි නායකත්වය දිගටම පවතින අතර අපි ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනෙන් මිදෙන්නේ නැති එකයි.
ප්‍රචණ්ඩත්වය මැද පෙරදිගට පමණක් සීමා නොවේවි. එය පකිස්ථානයට සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට ද පැතිරෙමින් පවතින අතර, ඊශ්‍රායලයේ දක්ෂිණාංශික රජය හැර, කලාපයේ අපගේ මිත්‍ර පාක්ෂිකයින් මෙම ක්‍රියාමාර්ගය නොගන්නා ලෙස අපෙන් අයැද සිටි බව රහසක් නොමෙයි.
මේ යුද්ධයෙන් මිය යන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ මිතුරන්ගේ බිලියනපති දරුවන් නොවෙයි. මේ රට පුරා මධ්‍යම පාන්තික සහ දුප්පත් පවුල්වල දරුවන්. එය ඔවුන් වෙනුවෙන් තෝරාගත් යුද්ධයක්. නිෂ්ඵල යුද්ධයක්, නීති විරෝධී යුද්ධයක්. ඒ නිසා අමෙරිකානු පුරවැසියන් ඝාතනය කිරීම නවත්වන ලෙස අපට ICE ආයතනයෙන් ඉල්ලා සිටිය හැකි අතර, අපට අවශ්‍ය නොවන යුද්ධයක් සඳහා අපගේ දරුවන් මිය යාමට නොයවන ලෙසත් අපට ඉල්ලා සිටිය හැකිය.
(ICE යනු එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ (United States Immigration and Customs Enforcement) ආයතනය යි. එහි වගකීම ලෙස දක්වන්නේ ජාතික තර්ජනයක් වන දේශසීමා අපරාධ සහ නීති විරෝධී සංක්‍රමණවලින් අමෙරිකාව ආරක්ෂා කිරීමයි)
2
Saru News
















