හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

0
3

ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කෙරුණු  නීතීඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද (05) වසර 12ක සිරදඬුවම් නියම කරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළාය.

කෙසේ වෙතත් එම දඬුවම වසර හයකින් ගෙවී යා යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි.

බොරැල්ල ප්‍රදේශයේ ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පු සැකසීම ඇතුළු චෝදනා දෙකක් යටතේ මෙම විත්තිකාර නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකාරියට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා දෙක සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇති බවය.

ඒ අනුව එක් එක් චෝදනාවට වසර 06 බැගින් චෝදනා දෙක සඳහා වසර දොළහක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරිය සිය තීන්දුවේ සඳහන් කළාය.

කෙසේ වෙතත් මෙම  වසර දොළහක සිර දඬුවම වසර 06 කින් ගෙවී යා යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වුණි.

මෙසේ වරදකරු කෙරුණු නීතිඥවරිය 61 වන වියේ පසුවන දෙදරු මවක් බවත් නඩු විභාගයේදී අනාවරණය විය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here