ඔසප් සමයේදී ඇති වන අධික වේදනාව ඔබත් නොසලකා හරිනවාද?

0
14


දියණියක මවක බිරිඳක ලෙස නිවසට සමාජයට කාන්තාවකගෙන් ඉටු වෙන මෙහෙය සුළු පටු නොවේ. දැයේ ජීවනාලිය වන කාන්තාව සෞඛ්‍ය සම්පන්නව සිටීම වැදගත් වන්නේ ඒ නිසාමය. කාන්තවකගේ දෛනික ජීවිතය අඩාල කරන මාසික ඔසප් වීම සැබවින්ම ඔවුන් ඉටුකරන මෙහෙයට බාධාවකි. එය එසේ වුවද ඔසප් සමයේදී ;කාන්තාවකට ඇති වන අපහසුතාවය මෙන්ම වේදනාව දෛනික වැඩ කටයුතු හේතුවෙන් වේදනා නාශක පෙත්තකට භාර දෙන ඇය නිවසේ දරුවන්ගේ ස්වාමියගේ මෙන්ම ඇතැම් විට රාජකාරී ස්ථානයේ කාර්යයන් වෙත මුල් තැන ලබා දෙන්නේ සිතෙහි උපන් ධෛර්යය නිසාම විය හැකිය. නමුත් ඇය කෙසේ හෝ විඳ දරගන්නේ දරා ගත නොහැකි තරමේ අධික වේදනාවක් නම් ඒ පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුය. ඇතැම් විට ඔබට එවන් අධික වේදනාවකට මුහුණ දීමට සිදුව ඇත්තේ එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය නිසා විය හැකියි. එන්ඩොමෙට්‍රියෝසිස් ශාරීරිකව හා මානසිකව කටයුතු කිරීමට අපහසු තත්ත්වයක් ඇති විය හැකි රෝග තත්ත්වයකි. අපි ඒ ගැන දැනුවත් වෙමු.

මොකද්ද මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ

ගර්භාෂයේ අභ්‍යන්තර බිත්තියේ සෛල ස්ථරය ගර්භාෂයෙන් බාහිරව ඒ කියන්නේ යටි බඩේ, ඩිම්බකෝෂ මත හෝ බඩවැල් මත  තැම්පත් වී එම සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීමේ තත්ත්වය එන්ඩොමෙට්‍රියෝසිස් ලෙස හඳුන්වනවා. මෙලෙස වර්ධනය වන සෛල හෝමෝන චක්‍රය සමග වෙනස්කම්වලට බදුන් වීමත් සමගම එක්තරා කාල සීමාවකදී රුධිරය වහනය වීම ඇරඹෙන අතරම එම රුධිරය යටි බඩ තුළ එක් රැස් වීම සිදුවෙනවා. මේ හේතුවෙන් පටක එකට ඇලෙනවා. එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයට පත් විය හැක්කේ ආර්තවය ආරම්භයේ සිට ආර්තවාහරණය තෙක් කාල සීමාව තුළ සිටින කාන්තා පාර්ශවයයි. මෙම රෝගයට නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි වුවත් පාරිසරික හා ජානමය හේතු අතර සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැකි තත්ත්වයකි. එන්ඩොමෙට්‍රියෝසිස් යනු හඳුනා ගැනීමට වැඩි කාලයක් ගත වන තත්ත්වයක් වන අතරම මේ තත්ත්වය කාන්තාවකගේ සාමාන්‍ය ජීවිතයට විශාල බලපෑමක් කළ හැකි තත්ත්වයක් මෙන්ම රටක් වශයෙන් ගත කළ රටේ ආර්ථිකයට පවා හානි ඇති කල හැකි තත්ත්වයකි. රෝග තත්ත්වය නිශ්චය කරගැනීමට වැඩි කාලයක් ගත වනනිසාම තත්ත්වය උග්‍ර අතට හැරීමේ අවදානමද ඉහලය. උදාහරණයක් ලෙස ගත් කළ ලොව සංවර්ධිත රටවල පවා මේ තත්ත්වය පිළිබඳව නිශ්චිත හදුනාගැනීමකට වසර හය හතක් පමණ ගත වි හැකි බව පැවසේ.

 එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයේ රෝග ලක්ෂණ

ඉහත දැක් වූ රෝග ලක්ෂණ ඔබ තුළත් තිබේ නම් නාරි රෝග පිළිබද විශේෂඥ වෛදයවරයෙක් වෙත යොමු වීම අත්‍යවශ්‍ය වන්නේ මේ රෝග තත්ත්වය නිශ්චිතවම හඳුනා ගැනීම ඉතා දුෂ්කර තත්ත්වයක් නිසාය. කෙසේ වුවද ඉහත දැක් වූ රෝග ලක්ෂණ පෙන්නුම් කරන තවත් බොහෝ රෝග තත්ත්ව තිබිය හැකිය.

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය නිශ්චිතව හඳුනාගත නොහැකිද?

එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය හඳුනාගැනීමේදී අල්ටා සවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂණ මගින් වඩාත් හොද අවබෝධයක් ලබා ගත හැකි වුවත් ලැපරොස්කොපි පරීක්‍ෂණය මගින් නිශ්චිතවම රෝග තත්ත්වය හඳුනාගැනීමට අවස්ථාව උදාවේ. එහිදී සිදුකරන්නේ උදරය මත ඇති කරන කුඩා සිදුරකින් ඉතා කඩා කැමරාවක් ඇතුළු කර එන්ඩොමෙට්‍රියෝසිස්කි පටක මත පැල්ලම් වැනි ස්වභාවයක් පවතිනවාද යන්න පරීක්‍ෂා කිරීමයි.

එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වයට ප්‍රතිකාර තිබෙනවාද?

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය සඳහා දැනට නිශ්චිත ප්‍රතිකාර නොමැති වුවත් රෝග ලක්ෂණ ලිහිල් කිරීමට උපකාරී වන ප්‍රතිකාර ඇති අතරම රෝගී කාන්තාව පත්ව ඇති තත්ත්වය අනුව වෛද්‍යවරයා විසින් අදාල ප්‍රතිකාර ක්‍රම පිළිබඳව තීරණයකට එළැඹේ. මේ සදහා ලබාදෙන ප්‍රතිකාර අතර

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය හේතුවෙන් මූලිකව ඇති විය හැකි ගැටලු අතර ගැබ් ගැනීම ප්‍රමාද වීම හෝ වද භාවයට පත් වීම ප්‍රධානව දැක්විය හැකිය. ශල්‍යකර්ම මගින් එන්ඩොමෙට්‍රියෝසිස් පටක ඉවත් කොට ගැබ්ගැනීමට ඇති බාධාවන් ඉවත් කළද ඒ පිළිබදව 100%ක තහවුරු කිරීමක් කල නොහැකිය.

ශල්‍යකර්ම ප්‍රතිකාර ක්‍රමයේදී ඇති විය හැකි අතුරු අබාධ තත්ත්ව මොනවාද?

එන්ඩොමෙට්‍රියෝසිස් ඇතිවීමට හේතු

මේ තත්ත්වය සදහා නිශ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි අතරම පහත දැක්වෙන හේතු මත ඇති විය හැකි බවට සැක කෙරේ.

ඔබට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමය තීරණය වන්නේ කෙසේද?

ඔබේ නාරිවේද වෛද්‍යවරයා ඔබට අවශ්‍ය වන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරන අතර, එක් එක් අයගේ රෝග තත්ත්වයේ ස්වභාවය අනුව අවශ්‍ය ප්‍රතිකාර තීරණය කෙරේ. මෙහිදී ප්‍රතිකාර ක්‍රමය තීරණය කෙරෙන්නේ පහත දැක්වෙන කරුණු පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුවය.එනම්,

යම්හෙයකින් රෝගියා පෙන්නුම් කරන රෝග ලක්ෂණ උග්‍ර නොවනවා නම් ඔසප් සමයේදී වේදනා නාශකවලින් තොරව වේදනාව කළමනාකරණය කර ගත හැකි තත්ත්වයේ පවතී නම් ප්‍රතිකාර අවශ්‍ය නොවේ. මන්ද ඇතැම් විට මෙම තත්ත්වය වර්ධනයක් නොපෙන්වා එම තත්ත්වයේම පැවතිය වුවද සිදු විය හැකිය. කෙසේ වුවද   දිගින් දිගටම රෝග ලක්ෂණ පෙන්නුම් කරන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයට අදාළ ප්‍රතිකාර සිදු නොවීමෙන් තත්ත්වය අයහපත් විය හැකි නිසාම  රෝග ලක්ෂණ පිළිබඳව විමසිල්ලෙන් සිටීම සහ අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර වෙත යොමු වීම නුවණට හුරු බව කාන්තා ඔබ තරයේ සිතට ගන්න.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ සහ ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප‍්‍රසව විශේෂඥ, ලංකා එන්ඩොමෙට්‍රියෝසිස් සංගමයේ ලේකම් වෛද්‍ය චන්දන ජයසුන්දර මහතාගේ ලිපියකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here