FIFA VS එල් මෙන්චෝ

0
3

නිශ්මං රණසිංහ පෙබරවාරි 26, කොළඹ LNW:

මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන් කියන වචන ටික ඇමෙරිකානු රාජ්‍ය නායකත්වය කොයි විදිහට භාවිතා කරනවද කියන කාරණය හරියටම පැහැදිළි නැහැ.එහෙත් එහෙම ත්‍රස්තවාදයක් තියෙන බව මේ මොහොත වන විට සාක්ෂි සහිතව පැහැදිළි වෙමින් තිබෙනවා.පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තුළ මෙක්දිකෝ තරග සම්බන්ධයෙන් පවා සැකයක් ඇති වන විදිහට මේ වන විට මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රදේශය භීතියෙන් ගිණි ගනිමින් තිබෙනවා.

මෙයට හේතුව කාටෙල් සංවිධානයට නායකත්වය දුන් නෙමේසියෝ “එල් මෙන්චෝ” ඔසෙගුරාගේ ඝාතනයයි.දරුණු මත්ද්‍රව්‍ය අපරාධකරුවෙකු වෙන ඔහුගේ සහචරයින් මේ වන විට මහජන දේපළ වලට හානි කරමින් සහ මහජනතාව ඝාතනය කරමින් රජයේ ආරක්ධක අංශ සමඟ ගැටෙමින් සිටිනවා.රාජ්‍ය හමුදාවක් තරමටම සන්නද්ධව සිටින ඔවුන් අතර නවීන පන්නයේ රොකට් ලෝන්චර් පවා තිබෙන බව සැළයි.ඔවුන්ට විරුද්ධව යන මිනිසුන් ප්‍රසිද්ධියේ අමානුෂික ලෙස ඝාතනය කරමින් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමේ උපක්‍රමය තුළින් මත්ද්‍රව්‍ය ව්‍යසනයට විරුද්ධ වන්නන් බියට පත් කර ගෙන සිටි “එල් මෙන්චෝ” මේ ආකාරයෙන් ඝාතනය කිරීමට හැකි වීම,මත්ද්‍රව්‍ය වෙළදාම බහුල මෙක්සිකෝවට තදින් දැනෙන දෙයක් වන අතර ඊට එරෙහි සමාජයට ආදරය කරන මිනිසුන්ට ඊට එරෙහිව නැඟී සිටින්නට දිරි දීමක් ද වෙනවා.
මේ නිසාම “එල් මෙන්චෝ” ගේ අණසක යටතේ ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් මේ ඝාතනයත් සමඟ සමාජය ඔවුන් සම්බන්ධයෙන් ඇති භීතියෙන් දුරස් වේය යන හැගීමෙන් තමන්ට ඇති ජනතාවගේ බිය ආරක්ෂා කර ගැනීමත් මේ ප්‍රචණ්ඩත්වයේ අරමුණක් වී තිබෙනවාට සැක නැහැ.

කෙසේ නමුත් මේ කාරණයත් සමඟ මෙවර ලෝක පාපන්දු තරගාවලිය ඇමෙරිකාව,මෙක්සිකෝව සහ කැනඩාව එක්ව පවත්වන්නක් වී ඇති අතර,ඒ අතරින් මෙක්සිකෝවේ පැවත්වෙන තරග “එල් මෙන්චෝ” ගේ බලය විශාල වශයෙන් කේන්ද්‍රව තිබෙන ජාලිස්ටෝ ප්‍රාන්තයට අයත් ග්වාඩලජාරා නගරයේ පැවත්වෙන්නට නියමිත වීම ගැටළුකාරී තත්ත්වයක් විය හැකි බවට සැක මතු කර තිබෙනවා.
ජූනි මාසයේ පැවත්වෙන ලෝක කුසලාන තරගවලදී යම් දේශපාලන සංයමයකින් පාලකයන්ට මේ තත්ත්වය හසුරුවා ගන්නට හැකියාව ඇතත්,ඊට පෙර මාර්තු 26 සිටම මේ ක්‍රීඩාංගණයේ ලෝක කුසලාන පෙරහුරු තරග කිහිපයක් පැවත්විමට නියමිතව තිබෙනවා.සැකය මතුව තිබෙන්නේ එම තරග අර්බූදයක් නොමැතිව සාමකාමීව නිමා කරන්නට හැකි ආරක්ෂාවක් තිබේවිද යන කාරණයේය.එය අර්බූදයට ලක් කිරීමෙන් තමන්ගේ තහනම් ව්‍යාපාරවලට විරුද්ධ වීමට ඇති ජනතාවගේ උවමනාව වැළක්වීමට සහ උදාසීන කිරීමට “එල් මෙන්චෝ” ගේ සහචරයන්ට උවමනාවක් තිබිය හැකිය යන්න අමතක කළ නොහැකිය.

එහෙත් ලෝක පාපන්දු සම්මේලන සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ පවසන්නේ සියල්ල හොඳම විදිහට වනු ඇති බවය.ජනාධිපතිණිය ක්ලෝඩියා ෂයින්බෝම් ද පෙන්වා දෙන්නේ රටේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන සැකයක් ඇති කර ගැනීමට අවශ්‍යය නැති බවය.ජාලිස්ටෝ ආණ්ඩුකාර පැබ්ලෝ ලෙමස් ද ඉතාමත් විහ්වාසයෙන් ආරක්ෂාකාරී බව වෙනුවෙන් දෙන සහතිකයත් ග්වාඩලජාරා නගරාධිපතිණිය වෙරෝනිකා ඩෙල්ගඩිලෝත් සිය ප්‍රාන්ත පාළකයාගේ මතයේම පිහිටමින් දෙන විශ්වාසයත් පමණක් ලොව පුරා ප්‍රෙක්ෂකයන්ට ලෝක කුසලාන තරගාවලිය නරඹීමට මෙක්සිකෝවට එන්නට ප්‍රමාණවත් වේවිද?

පාපන්දු රිද්මයටම ගැලපෙන ටෙකීලා සහ මරියාචි සංගීත සම්ප්‍රදායන් හී වින්දනීය ආස්වාදය ද මෙම තරගාවලියේ සත්කාරකයන් ලෙස මෙක්සිකෝවට ලාබ ලැබෙන කාරණයක් වනු ඇත.පමණට වඩා විශාල ගිටාරයක හැඩ පෙන්වන ගිටාර්රෝන් (Guitarrón),විහෝලා (Vihuela.),ට්‍රම්පට් සහ සාමාන්‍ය ගිටාරයද ප්‍රධාන කර ගත් අදාළ සංගීත නාද රටා සහ ගීතමය තනු නර්තනයට කරන අරාධනයක් බඳු වන අතර,ඒවා බොහෝ විට අපට අසා සමීප බයිලා හෝ කපිරිඤ්ඤා තාලයන්ට නෑකම් දක්වන නාද රටාවන් ලෙස දැනෙන්නේය.

පාපන්දු සමඟ කදිමට පෑහෙන මේ වින්දනාත්මක පරිසරය නිසා ලෝක කුසලාන තරග 13 ට මෙක්සිකෝවට ලැබී ඇති අවස්ථාව මිලියන ගණනක ප්‍රේක්ෂකයින් එරටට කැඳවන්නට හේතුවකි.රාජ්‍යයට එරෙහිව නැතිනම් රාජ්‍යයේ නීතියේ ආධිපත්‍යයට අභියෝග කරන කණ්ඩායමක් එවැනි රාජ්‍යයට ගෞරවය සහ ආදායම ලැබෙන මාර්ගයක පසෙකට වී ඊට වඩා වෙනස් ආශිර්වාද කරන්නන් ලෙස හැසිරේයැයි සිතිය හැකිද?
ඒ නිසා එල් මෙන්චෝ මිය ගිය බව අමතක කර ඔහු ජීවත්ව සිටියානම් යන උපකල්පනය මත සිට ක්‍රියා කරනවා විනා, ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධ කිසිඳු ලිහිලක් තබන්නට මෙක්සිකෝවට හැකියාවක් නැත.ලෝකයෙ මිනිසුන් වඩාත් ලැදිකමක් දක්වන ආදිවාදජනක ක්‍රීඩාව පාපන්දුයි.එවැනි ක්‍රිඩාවක ලෝක කුසලාන තරගාවලියක් සඳහා දසත්කාරකත්යවට සුදුසුවීම යනු එම රාජ්‍යයට අතිශයින් වැදගත් ලාභදායි අවස්ථාවකි.එහි පාලනයට එරෙහි අදහස් ඇති අයෙකු,එ නිසා මෙමලෝක කුසලාන තරගාවලියේදී රාජ්‍ය පාලනයට ආශිර්වාද කරනු ඇතැයි සිතිය හැකිද?

The post FIFA VS එල් මෙන්චෝ appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here