හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05ක් සමඟ පුද්ගලයකු කිරුළපනදී අත්අඩංගුවට

0
3

කිරුළපන ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක්, ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පසුගිය දින ගෝනහේන විශේෂ බලකා නිලධාරීන් සමඟ සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකිනි.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 300ක් පමණ වන අතර සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කරයි.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදු කළ ඒකාබද්ධ වැටලීමකින් වල්ලපට්ට කිලෝග්‍රෑම් 136ක් සහ වල්ලපට්ට තෙල් සිඳීමට යොදා ගන්නා උපකරණ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු වැලිගම පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here