රු. කෝටි 06ක විශ මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට – Saru News | සිංහල

0
3

රුපියල් හය කෝටි හතලිස් ලක්ෂ දස දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අද (20) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා ඉන්දුනීසියානු ජාතිකයින් දෙදෙනෙකු වන අතර 22 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 30 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය, තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඒවා ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත රැගෙන විත්, එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1183 දරන ගුවන් යානයෙන් 04/20 දින අලුයම 12.53ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ පැකැට් 05ක් ලෙස සකස් කළ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 401ක් සගවා ගෙන තිබියදී හමු වී ඇත.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here