යුද පිටිය දරුණු අතට හැරෙයි! – Saru News | සිංහල

0
8

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධය මේ වනවිට හෝමුස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කර ගත් සාගර යුද්ධයක් බවට පත් වෙන ලකුණු පහළ වී ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

බොහෝ විශ්ලේෂකයන්ගේ මත දැක්වීම් අනුව ප්‍රධාන ධාරාවල මාධ්‍ය සියල්ලේම පාහේ පොදුවේ වාර්තා කර තිබුණේ “හෝමුස් යුද පිටියක් වෙයිද?” යන අදහස දැක්වෙන සිරස්තලවලිනි. අද (16) උදෑසන වෙන විට ඉරානයට අයත් වෙළඳ නෞකා 10ක් හරවා යවන ලද බව ඇමරිකාව නිවේදනය කර තිබිණි. මේ අතර, ඉරානය ඔවුන් සතුව මෙතෙක් සඟවා ගෙන සිටි ප්‍රහාරක නාවුක යාත්‍රා දියත් කිරීමට ඉඩ ඇතැයි ද විචාරකයන් පෙන්වා දී තිබේ.

මේ අතර, ඇමරිකානු ජනාධිපතිවරයා පාප් වහන්සේට එරෙහිව විවිධ ප්‍රහාරක ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මත දක්වන විචාරකයින් පෙන්වා දී තිබෙන්නේ ඔහු ඒ තරමට පරාජයේ නීරස අත්විඳින බවයි.

2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here