මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු සිටින බවට තොරතුරු

0
6

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 

එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගු මහතා අද දෙරණට සඳහන් කළේ සංචාරක වීසා මත පැමිණි පිරිසක් මෙලෙස එම සයිබර් කඳවුරු වල රඳවාගෙන සිටින බවට වාර්තා වී ඇති බවය. 

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය ආසන්නයේ ඇති එම සයිබර් කඳවුරු ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන අතර මීට පෙර ද ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එම කඳවුරු වල සිරව සිටියේය. 

තානාපති කාර්යාල වල මැදිහත්වීමෙන් එම පිරිස් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව අවස්ථා කිහිපයකදී මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කෙරුනි. 

පරිගණක ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමේ අරමුණින් පසුවන ඇතැම් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත විදෙස් ගත වන අතර පසුව ඔවුන් මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here