ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

0
2

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 ක කාලය සඳහා වලංගුය.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල ජනතාවට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here