ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් (Wiebe de Boer) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර සුහද හමුවක් ඊයේ (23) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
එහිදී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පෑමෙන් පසුවද නිදහස් හා සාධාරණ මැතිවරණ තුනක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් තානාපති වරයාගේ අගය කිරීම ප්‍රකාශ කරන ලදි. එසේම දෙරට අතර ඓතිහාසිකව පවතින සබඳතාවය සිහිපත් කළ ඔහු තවද යටත්විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය යම් පුරාවස්තූන් ශ්‍රී ලංකාවට නැවත ගෙන ඒමට අදාලව සිදුකරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් ද ඒ සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥයින්ගෙන් ලැබෙන දායකත්වය සම්බන්ධයෙන්ද සාකච්චා කරන ලදී.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, යටිතල පහසුකම් වර්ධනය කිරීම, වංචා දූෂණ වැළැක්වීම සම්බන්ධ ප්‍රගතිය, මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදි.
එසේම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කමක් සහිත පිහිටීම හේතුවෙන් අත්කර ගත හැකි ආර්ථිකමය වාසි සහගත තත්වයන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන ලදි.


0
Saru News
















