නෙදර්ලන්ත තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

0
2

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර සුහද හමුවක් ඊයේ (23) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

එම හමුවේදී, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පෑමෙන් පසුවද නිදහස් හා සාධාරණ මැතිවරණ තුනක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් තානාපතිවරයාගේ අගය කිරීම ප්‍රකාශ කරන ලදි. එසේම දෙරට අතර ඓතිහාසිකව පවතින සබඳතාව සිහිපත් කළ ඔහු තවද යටත්විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය යම් පුරාවස්තු ශ්‍රී ලංකාවට නැවත ගෙන ඒමට අදාළව සිදුකරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් ද ඒ සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥයින්ගෙන් ලැබෙන දායකත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, යටිතල පහසුකම් වර්ධනය කිරීම, වංචා දූෂණ වැළැක්වීම සම්බන්ධ ප්‍රගතිය, මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද දෙදෙනා අතර අවධානයට ලක්ව ඇත.

එසේම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කමක් සහිත පිහිටීම හේතුවෙන් අත්කර ගත හැකි ආර්ථිකමය වාසි සහගත තත්වයන් සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර තිබේ.

The post නෙදර්ලන්ත තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here