නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඇප ඉල්ලීම ඉවතට

0
4

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ් නමැත්තාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න යන අය  ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින්  මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව සැකකරු අප්‍රේල් මස 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි රජයට අයත් ඉඩමක් සඳහා සංවර්ධන සැලසුමක් අනුමත කිරීමට එහි හිමිකරුට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට සැකපිට අල්ලස් කොමිසම විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here