නව අවුරුදු උදාව නිමිත්තෙන් අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක හිමියන්ගේ සුභාශිංසන!

0
9

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ඉකුත් වර්ෂයේදී සිදුවූ අඩුලුහුඩුකම් සහ මඟහැරීම් මනාව අවබෝධ කොට උදාවූ නව වර්ෂය සඳහා සාර්ථකව මුහුණදීම ඉතා වැදගත් යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක, අස්ගිරි මහ පිරිවෙන් පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසති.

ගතවූ වර්ෂය ගත කල ආකාරය, සිදුවූ අතපසුවීම්, ගිලිහීම් මෙන්ම අප අතර සිදුවූ ගැටලු ප්‍රශ්න සමඟිකම් දැන හදුනා එවන් දේ යළි සිදු නොවීමට මෙම වර්ෂයේදී අධිෂ්ඨාන කර ගත යුතු යැයි ද උන් වහන්සේ තව දුරටත් සඳහන් කරති.

උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය සුභාශිංසන එක් කරමින් උන් වහන්සේ මේ බව සඳහන් කළහ.

බාහිරින් නිවාස අලුත්වැඩියා කරන අයුරින්ම සිතුවිලි හා සංකල්ප වෙනස් කර ගනිමින් මිනිස් සිත අලුත් කර ගැනීම ද ඉතා වැදගත් බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. පැවැති අමනාපකම් අමතක කොට එළැඹෙන නැකැත් අනුව කටයුතු කිරීම මගින් සාර්ථක නව වර්ෂයක් උදා කර ගත හැකි යැයි ද උන්වහන්සේ එහිදී සඳහන් කළේය. සිය අරමුණ සඵල කර ගැනීම සඳහා උත්සහය අත්නොහල යුතු බව තථාගතයාණන් වහන්සේගේ දේශනාව වන බව ද අනුනායක හිමියන් පැවසූහ.

ලෝක යුදමය තත්ත්වයක් යටතේ අභියෝග පැවැතියත් එවැනි බාධා මධ්‍යයේ අරමුණු කරා ගමන් කිරීමට හැකි නම් සිය අපේක්ෂාව කිසිසේත්ම පරාජය කළ නොහැකි යැයි අස්ගිරි පාර්ශයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සිය සුබ පැතුම් පණිවුඩයේ තව දුරටත් සඳහන් කරති.

The post නව අවුරුදු උදාව නිමිත්තෙන් අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක හිමියන්ගේ සුභාශිංසන! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here