වසර 50කට වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම සඳහා ගගනගාමීන් සිව්දෙනෙකු අභ්‍යවකාශය වෙත යැවීමට NASA ආයතනය සූදානමින් සියිටි.
වික්ටර් ග්ලෝවර් (Victor Glover), ජෙරමි හැන්සන් (Jeremy Hansen), රීඩ් වයිස්මන් (Reid Wiseman) සහ ක්‍රිස්ටිනා කොක් (Christina Koch) යන ගගනගාමීන් මෙම ඓතිහාසික මෙහෙයුමට එක්වෙති.
මෙම ආටෙමිස් II (Artemis II) මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ ඉදිරි වසරවලදී සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමේ අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමයි.
ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එරට වේලාවෙන් පස්වරු 18:24 ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා අලුයම 3:54 ට පමණ) මෙම යානය ගුවන්ගත කිරීමට නියමිතය.
මෙම ගවේෂණ කණ්ඩායම දින 10 ක පමණ කාලයක් සඳ වටා ගමන් කරමින් පර්යේෂණ සිදු කිරීමට නියමිත අතර, මෙය මෑත ඉතිහාසයේ සඳ ආශ්‍රිතව සිදු කෙරෙන තීරණාත්මකම මිනිස් මෙහෙයුම ලෙස සැලකේ.
Saru News















