ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේ දී සැලසුම් සහගත වංචා සිදු කර ඇති බවට පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රචාරය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු නිශ්චිත කරුණු දැක්වීම්වල දී පළා යමින් සිටින බව තහවුරු වී තිබේ.
මෙම තත්වය විශේෂයෙන් ම කෝප් කමිටුවේ දී දිලිත් ජයවීර සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු දෙදෙනාගේ පළා යාමෙන් තහවුරු වී තිබේ. ගල් අඟුරු ගෙන්වීම පිළිබඳව කෝප් කමිටුවේ දී විමර්ශනය කළ අතර, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර දෙදෙනාට අමතරව, ඩී. වී. චානක සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරු දෙදෙනා ආරම්භයේ දී දැඩි වාග් සංග්‍රාමයක යෙදෙමින් විකෘති කරන ලද කරුණු දැක්වීය. එහෙත් ක්‍රමයෙන් විමර්ශනය ඉදිරියට යාමේ දී විගණන වාර්තාව පදනම් කර ගෙන කරුණු දක්වමින් විමර්ශන සිදු කරනු ලැබීය.
මේ අවස්ථාවේ විශේෂයෙන් ම ඩී. වී. චානක විසින් විකෘති කර තිබූ කරුණු රැසක් ද හෙළි විය. සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා කෙටි අදහස් ඉදිරිපත් කිරීමට සීමා වූ අතර එම කමිටුවේ විමර්ශන අවසන් වීමට පෙර දිලිත් ජයවීර සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරු කිසිදු දැනුම්දීමකින් තොරව ඉවත්ව ගොස් තිබිණි.
ගල් අඟුරු ආනයනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පැවැත්වූ කෝප් කමිටු විමර්ශනයෙන්
0
Saru News
















