සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කළ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම සැකකරුවන් හඳුනාගැනීම සඳහා CCTV දර්ශන මේ වන විට පරික්ෂා කරමින් සිටින බවයි වැල්ලම්පිටිය පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ඩෑන් ප්‍රියසාද් ඊයේ රාත්‍රියේ වැල්ලම්පිටිය, “ලක්සඳ සෙවණ” මහල් නිවාස සංකීර්ණයේ 06 වන මහලේ පදිංචි සිය නැන්දනියගේ නිවසට ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එහිදී තවත් දෙදෙනෙකු සමඟ ඔහු මත්පැන් සාදයකට එක්ව සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ වෙඩි තබා තිබෙනවා.
ඒ, රාත්‍රී 09.10ට පමණයි.
තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී 11.15ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
Saru FM Media