ජනපති නැකතට හිස තෙල් ගා ආශිර්වාද ගනියි (වීඩියෝ)

0
2

මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී නාථ දේවාල භූමියේදී අද (15) පෙරවරු 6.55ට යෙදී තිබූ හිස තෙල් ගෑමේ මහෝත්සවයට සහභාගිවූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැකතට හිසතෙල් ගා ආශිර්වාද ලබා ගත්තේය.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි සඳහන් වේ.

මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ආරම්භ වූ මෙම හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්වය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්වූහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here