මැදපෙරදිග යුද්ධ අවසන් කර සාමය උදා කිරීම සම්බන්ධයෙන් වන දෙවන වටයේ සාකච්ඡා ඉදිරියේදී ඉස්ලාමභාද්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
එම දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ වනවිට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාම කාලය අවසන්වීමට පෙර මෙම සාකච්ඡා වටය ආරම්භ කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඉරානය සහ අමෙරිකාව අතර පසුගිය 11 වෙනිදා යුද්ධය සම්බන්ධයෙන් පළමු වටයේ සාකච්ඡාවක් පාකිස්තානයේ මැදිහත්වීමෙන් පැවැත්විණි.
කෙසේවෙත් එය එකඟතාවයකින් තොරව අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
පසුගිය පෙබරවාරි 28 වෙනිදා ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම යුද්ධය ඇතිවිය.
මාසකට අධික කාලයක් මෙම යුද්ධය පැවති අතර මේ වනවිට සති දෙකක සටන් විරාමයක් ක්‍රියාත්මක වේ.
Saru News















