විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාවට එරෙහිව අද (12) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් ලකුණු 93ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
මෙම ජයත් සමග විස්සයි20 ලෝක කුසලාන තරග 10ක් අඛණ්ඩව ජයගත් පළමු රට බවට ඉන්දියාව පත්විය.
ඔවුන් අවසන්වරට 2024 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළුව ක්‍රීඩාකළ තරග 8 හා මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා ක්‍රීඩාකළ තරග 2ක් ජයගනිමින් මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවා ඇත.
දිල්ලිහිදී අද (12) පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියාව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව ඔවුන් පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 209ක් රැස්කර ලකුණු 210ක ඉලක්කයක් නැමීබියාවට ලබාදුන්නේය.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියානු කණ්ඩායමට පන්දුවාර 18.2කදී සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 116ක් පමණි.
Saru News










