ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් 1 සිට අලුත් බද්දක්

0
2

ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් පළවනදා සිට 2.5%  බද්දක් හඳුන්වාදී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ මහතා පවසයි.

මෙය 2026 අයවැයෙන් අනුමත වූ බද්දක් බවත්, එය දැනට නිෂ්කාශනය වන වාහන සඳහා බලනොපාන බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම අදාළ බදු අයකිරීම රේගුවේදීම සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

කොළඹදී අද (13) පැවති මාධ්‍ය හමුමේ තවදුරටත් අදහස් දැක්වූ අරෝෂ රොද්‍රිගෝ මහතා,

“වාහනයක වටිනාකම වැඩි නිසා 2.5%ක් කියන්නේ ටිකක් දැනෙන බද්දක්. සරලව ගත්තොත් ලක්ෂ 100ක් වටිනා වාහනයක මිල ලක්ෂ දෙක හමාරකින් විතර වැඩිවෙනවා. 

එනිසා බද්දක් එකතුවූ බැවින් වාහන මිලේ සැලකිය යුතු වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්” යනුවෙන් පැවසීය.

කෙසේ නමුත් ‘දිට්වා’ බලපෑමෙන් පසු මේ වනවිට වාහන උද්යෝගයෙන් මිලදී ගන්නා බව ඔහු පෙන්වා දුන්නේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here