ෆින්ලන්තයේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටෙයි.

0
4


නිරිතදිග ෆින්ලන්තයේ හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේදී එකිනෙක ගැටීමෙන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. 

අදාළ යානා දෙක ගුවනේදී ගැටීමෙන් අනතුරුව නිරිතදිග ෆින්ලන්තයේ, යුරා ගුවන්තොටුපළ අසල වනාන්තර ප්‍රදේශයකට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

එරට පොලීසිය සඳහන් කරන්නේ කෞට්ටුවා නගරය අසලදී දහවල් 12.00ට පමණ එම ගුවන් අනතුර සිදුව ඇති බවයි. 

එස්තෝනියාවේ අගනුවර වන ටැලින් සිට හෙලිකොප්ටර් යානා දෙකම එකම වේලාවක ගුවන් ගත වී තිබෙනවා. 

එක් හෙලිකොප්ටරයක පුද්ගලයින් දෙදෙනෙකු සහ අනෙක් හෙලිකොප්ටරයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානා දෙකෙන් එකක් එස්තෝනියාවේ සහ අනෙක ඔස්ටි්‍රයාවේ ලියාපදිංචි කර ඇති අතර ඒවායේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ගමන් ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

අනතුරට හේතුව සහ මියගිය අයගේ අනන්‍යතාවයන් පිළිබඳව වැඩිදුර විමර්ශන එරට බලධාරීන් විසින් සිදු කරනු ලබනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here