ළූණු වලින් අත්බෙහත්

0
4

ළූණු කියන්නේ ස්වභාවික ප්‍රතිජීවක ඖශධයක්. ආහාර රසවත් කර ගැනීමට අමතරව ළූණු මගින් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබාගන්න පුළුවන් වගේම අත්බෙහතක් ලෙසත් එහි ඇති ප්‍රයෝජන අපමණයි. මේ එවන් අත්බෙහත් කීපයක්.

කෘමි දෂ්ඨනයකදී    

මී මැස්සන්, කනෙයියන් සහ පත්තෑ දෂ්ට කිරීම් වලට ප්‍රතිකාර බොහෝ භයානක වෙන්න පුළුවන්. සමහර විටමෙවැනි ප්‍රතිකාර වලට අසාත්මික ඇතිවන අයට මරණිය අවදානමක් ඇතිකරන්නත් පුළුවන්. මේවගේ වේලාවකදී කලබල නොවී දෂ්ට කල ස්ථානයේ දලය තියෙනවා නම් ඉවත්කරලා ළූණු ගෙඩියක්දෙකට කපලා දෂ්ට කල ස්ථානයේ හොදින් ආලේප කරන්න. තදින් අතුල්ලන්න උත්සාහ කරන්නඑපා. ඒ වගේම තමයි පත්තෑයෙකු වැනි සතෙක් දෂ්ට කලත් ඒ අවස්ථාවේම ළූණු පලූවක් එමස්ථානයේ ඉලූවොත් කිසිදු ඉදිමීමක් නැතුව විෂ ඉවත් කර ගන්න පුළුවන්. රිදුම්දෙන මදුරු දශ්ටනයකදී ද භාවිතාවට ගතහැක.

සුළු පිළිස්සුම් සඳහා

බොහෝ වෙලාවට මුළුතැන්ගෙයි වැඩ කරන වෙලාවට විවිධ හේතු නිසා පිළිස්සුම් ඇතිවෙනවා. මේවගේ වේලාවකදී ලූනු ගෙඩියක් දෙකට කපලා පිළිස්සුනු ප‍්‍රදේශයේ ආලේප කරන්න. මෙමගින් සංකූලතා වළක්වා වේදනාව අඩු කර ගන්න පුළුවන්.

උණට සහනයක්!

උණ හැදුනු වෙලාවට සහනයක් ලබා ගන්නත් ළුණු මගින් ඔබට හැකියාව තියෙනවා. කුඩා ළුණු පෙතිදෙකක් මේස් දෙකක් ඇතුලේ දාගෙන රාත්‍රී නින්දට යාමෙන් උණ සුව කරගන්න පුළුවන්. මෙය උණසඳහා සහනය ලබාගන්න පුළුවන් බොහෝ රටවල ජාතිකයන් අත්දුටු ප්‍රතිකාරයක්.

විශේෂයෙන්ම වත්ත පිටිය පුරා දුවපනින දඟකාරයන් සිටිනා ඔබ මෙවැනි අත්බෙහත් දැන සිටීම ඉතාමත්ම වැදගත්

– කල්හාරී –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here