ළඟ එන නත්තලට ලස්සන සැරසිලි කරමු

0
12


නත්තලට පොඩි වෙනසක් කළොත් හොඳයි නේද? නිවසට නත්තල් අසිරිය කැන්දන්නට අඩු වියදමෙන් වැඩි කලඑළියක් දෙන පුංචි සැරසිලි කිහිපයක් එකතුකරගනිමු.

මෙම සැරසිල්ලට වුවමණා කේක් ස්ටෑන්ඩ් එකක් සහ නත්තල් ඕර්නමන්ට්ස් කිහිපයක් පමණයි. කේක් ස්ටෑන්ඩ් එකක් නොමැති නම් ලස්සන වීදුරු කිහිපයක් සහ පිඟන් කිහිපයක් එක මත එක එනසේ තබා ස්ටෑන්ඩ් එක සකසාගත හැකියි.  රිබන් ලූප්ස් කිහිපයක් සහ කුඩා බල්බ් වැලක් එකතුකරගතහොත් වැඩි ලස්සනක් එකතුකරගන්න පුළුවන්.

වර්ණ ගොඩක් එකතු කරගන්න අකමැති නම් මෙම නිර්මාණය ඔබේ නිවසට ගැලපේවී. ප්‍රමාණ කිහිපයකින් යුත් ඉටිපන්දම් කිහිපයක්, වේලුණු පයින් ගෙඩි කිහිපයක්, හණ ලණු, බර්ලැප් බෝ එකක් සහ පබළු කිහිපයක් එකතුකරගෙන ඉතාම පහසුවෙන් මෙම සැරසිල්ල සකසාගත හැකියි.

කෑම මේසයට හෝ තේ මේසයට ගැලපෙන මෙම සැරසිල්ලට ගතවන්නේ විනාඩි කිහිපයක් පමණයි. නත්තල් ඕර්නමන්ට්ස් කිහිපයක් විනිවිද පෙනෙන විදුරු බඳුනකට දමා ඒ මතට පොයින්ට්සෙටියාමල් සහ කොළ කිහිපයක් එකතුකරගන්න. මේ සඳහා නැවුම් පොයින්ට්සෙටියා මල් වුවත් එකතුකරගතහැකියි.

මේ සඳහා කැපූ ලී කඳන් කොටස් කිහිපයක්, ඉටිපන්දම් කිහිපයක්, වේලුණු පයින් ගෙඩි කිහිපයක්, රතු සහ සුදු කෝඩ්ස් හෝ වූල් සහ නත්තල් ඕර්නමන්ට්ස් පමණයි. ඔබ කැමතිනම් පයින් සහ ඉටිපන්දම් වෙනස් වර්ණයන්ගෙන් වර්ණගන්වත් හැකියි. රතු සහ සුදු කැන්ඩි කේන් කිහිපයක් එකතුකරගන්නත් පුළුවන්.

විසිත්තකාමරයට වැඩි එළියක් ගෙනදෙන්න මෙම නිර්මාණයට හැකිවේවි. ප්‍රමාණ කිහිපයකින් යුත් වීදුරු බඳුන් කිහිපයකට හාල්, රිජිෆෝම් බෝල හෝ සුදු පැහැති පබළු බඳුනෙන් ¼ පමණ පුරවා නත්තල් ඕර්නමන්ට්ස් සහ වර්ණගන්වාගත් පයින් ගෙඩි කිහිපයක් යොදාගෙන සරසාගන්න.

මෙවර නත්තලට ඔබේ නිවසට අඩු වියදමින් සහ අඩු මහන්සියකින් වැඩි එළියක් ගෙන දෙන්නට මෙම සැරසිලි ඔබට උපකාරීවේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here