හොරෙන් පෙට්‍රල් ළඟ තබාගත් දෙදෙනෙක් කොටු

0
3

බලපත්‍ර නොමැතිව විකිණීම සඳහා ඉන්ධන ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු රොටුඹ සහ ඌරුබොක්ක පොලිස් වසම්වලදී ඊයේ (03) රාත්‍රී සිදුකළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගෙන තිබේ.

රොටුඹ පොලිසියට ලද තොරතුරකට අනුව දම්පහල, නාරම්පල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු සන්තකයේ තිබී බෝතල් 26ක අසුරන ලද පෙට්‍රල් ලීටර් 19.5ක් (දහනවහමාරක්) පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම ඉන්ධන සඟවා තබාගෙන සිටින්නට ඇති බවටයි පොලිසිය සැක කරයි.

මේ අතර, නිසි බලධාරියෙකුගේ බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් ලීටර් 25ක් ළඟ තබාගෙන සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු ඌරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඕමල්පේ, කෝප්පකන්ද ප්‍රදේශයේ පදිංචි මොහු වෘත්තියෙන් ගොවියෙකි.

ඌරුබොක්ක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ නඩු භාණ්ඩ අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, රොටුඹ සහ ඌරුබොක්ක පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here