හොරට විදුලිය ගත් පිරිසකගෙන් රු. මිලියන 90 ඉක්මවා අය කර ගනී – Saru News | සිංහල

0
5

ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය විසින් 2025 වර්ෂය තුළ සිදුකළ වැටලීම්වලට අනුව වංචනික ලෙස විදුලිය පරිහරණය කළ පාර්ශවයන්ගෙන් රුපියල් මිලියන 90 ඉක්ම වූ අලාභයක් පියවා ගැනීමට හැකිව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලට දැනුම් දී ඇත්තේ රුපියල් 90,242,561.21ක මුදලක් ලං.වි.ම. අලාභ වශයෙන්ද රුපියල් විසිපන්ලක්ෂ විසිහත්දහස් පන්සියයක (රු. 2,527,500) මුදලක් උසාවි ගාස්තු වශයෙන්ද මෙලෙස අයකර ගෙන ඇත.

විදුලි මීටර් වෙනස් කර විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 1,259ක්ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 72ක්ද අනාවරණය කරගෙන තිබෙන අතර, මෙවැනි සිද්ධීන් නිසා ආර්ථිකමය වශයෙන් වැඩි පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව, වංචනික ලෙස විදුලිය පරිහරණය කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු (විමර්ශන) ඉන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සමාජයේ ඉහළ සිට පහළට දක්වා විවිධ සමාජ තත්වයන්වල සිටින පුද්ගලයින් සිටින බවය.

වංචනික විදුලි පරිහරණය සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් 011-2422259 දරන දුරකථන අංකයට හෝ 1987 යන ක්ෂණික දුරකථන සේවාවට අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.


10

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here