හොමූස් හරහා යන නැව්වලට ගහන බව ඉරානය කියලා

0
3

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවට ද ඉරානය අවදාරණය කර ඇතැයි පැවසේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව ඉරානය විසින් මෙම දැඩි තීරණයට පිවිස ඇත.

ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්කවලට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් පවතින අතරතුර මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන මෙම පටු මුහුදු තීරය ලෝකයේ “බලශක්ති මධ්‍යස්ථානය” ලෙස හැඳින්වේ. 

කෙසේවුවද, මීට පෙර  ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා අල් ජසීරා පුවත් සේවයට අදහස් දක්වමින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කිසිදු අදහසක් නොමැති බව පවසා තිබිණි.

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here