හොන්ඩුරාස් සහ ඉන්දීයාව අතර සබඳතා තර කෙරේ

0
3


හොන්ඩුරාස් රාජ්‍යය ඉන්දියාවේ නවදිල්ලි නුවරදි සිය තානාපති කාර්යාලය නිල වශයෙන් විවෘත කර තිබේ.

එම අවස්ථාව සඳහා හින්ඩුරාස් හි විදේශ අමාත්‍ය එඩ්වාඩෝ එන්රික් රෙයිනා ගාර්ෂියා පැමිණ සිටියේය.

එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසුවේ හොන්ඩුරාස් හි විදේශ අමාත්‍ය එඩ්වාඩෝ එන්රික් රෙයිනා හමුවීමට ලැබීම සතුටට කරුණක් බවයි.

එමෙන්ම හොන්ඩුරාස් සිය තානාපති කාර්යාලය නවදිල්ලියේ විවෘත කිරීම දෙරටේ වර්ධනය වන හවුල්කාරිත්වයේ ප්‍රබල සංඥාවක් බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

ඉන්දියාව හොන්ඩුරාස් සමඟ ඇති සබඳතාව අගය කරන අතර අංශ හරහා සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

අමාත්‍ය ජයිශංකර් වැඩිදුරටත් පැවසුවේ තානාපති කාර්යාලය විවෘත කිරීම ගෝලීය දකුණේ හඬක් වන ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට හොන්ඩුරාස් හි කැපවීමේ ප්‍රබල ප්‍රකාශනයක් බවයි.

හොන්ඩුරාස් යනු සාධාරණ ගෝලීය සංවර්ධනය සහ තිරසාර වර්ධනය ඇතුළුව ඉන්දියාවේ ප්‍රමුඛතා බොහොමයක් බෙදා ගන්නා කලාපීය සමූහයක් වන ලතින් ඇමරිකානු සහ කැරිබියන් ජනපද ප්‍රජාවේ සාමාජිකයෙකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here