අභාවප්‍රාප්ත වූ හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට රජය තීරණය කළ බවයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ.
අභාවය පිළිබඳ ඇයගේ පවුලේ සමීපතම ඥාතීන් වෙත සිය ශෝකය පළ කිරීම සඳහා මාලනී ෆොන්සේකා මහත්මියගේ මාදිවෙල පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.
මේ අතර අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සඳහා පහසුකම් සැලසීම පිළිබඳ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කා©ාලයේදී අද පස්වරුවේ පැවැත්වුණා.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය, මහජන ගෞරවය සඳහා හෙට උදෑසන 09 සිට චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවේ තැන්පත් කරන බවයි ඇයගේ සහෝදරියක් වූ දමයන්ති ෆොන්සේකා මහත්මිය පැවසුවේ.
78 වන වියේ පසු වූ මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වුණා.
නිරෝෂන්
Saru FM Media