හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගත් පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය

0
15


හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා .

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස් සපුවිද මහතා විසිනුයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ .

2019 වසරේ පෙබරවාරි මස 17 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16.88ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට නඩු පවරා තිබුණා .

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි .

ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බවයි විනිසුරුවරයා නියම කළේ.

මෙසේ දඬුවම් ලැබූ පුද්ගලයා 47 වන වියේ පසුවන විවාහකයෙකු බව නඩු විභාගයේදී අනාවරණය වී තිබෙනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here