මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර මැද තිරගතවන father සිනමා කෘතිය පිළිබඳව කැළුම් විජේසූරියගේ යූටුයුබ් නාලිකාවේද විශේෂ අවධනය යොමු කර තිබේ.
father සිනමා කෘතියෙහි ප්‍රධාන භූමිකාව නිරූපනය කරන පූජන දන්දෙණිය සමග කැළුම් විජේසූරිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙන්නේ, හෘදය සාක්ෂියක් නැති කාලයක හෘදය සාක්ෂියට එකඟව ජීවත් වූ ගම්පහ ඔස්මන්ගේ චරිතය එම කාලයේ දේශපාලන ආර්ථික පරිසරය තුළින් නිර්මාණය වූවක් බවය.
father සිනමා කෘතිය සාමූහික කැපකිරීම් රැසක ප්‍රතිඵලයක් ලෙස ප්‍රේක්ෂක අවධානයට යොමු වී තිබෙන බව නිර්මාණකරුවන් බොහෝවිට ප්‍රකාශ කර තිබේ.
ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් සිනමා කෘතියද මෙවැනිම සාමූහික කැපකිරීම් තුළින් නිර්මාණය කරන ලද්දකි. විශේෂයෙන්ම රහස් කියන කඳු සිනමා කෘතිය නිර්මාණය කිරීමෙන් පසුව මෙම සිනමා කෘතියටද එවැනි නිර්මාණාත්මක ගුණයක් එක් කර ඇත.
පූජන දන්දෙණිය ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.
0
Saru News










