හීනෙන්වත් හිතන්නේ නැතිව සුපිරි අහම්බයක් ලැබුණා! Sri Lanka Latest News

0
3


අද ඕපාදූපය ටෙලි කලාවේ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච දිනක්ෂි ගැනයි. ඒක රසවත් ඕපාදූපයක්. හුඟක් සුපිරි තරු රංගනයට එන්නේ පුංචි පුංචි හීන අහුරු මැද්දෙනුයි. කවදාක හෝ රටේ දක්ෂතම නළුවා හෝ නිළිය වෙනවා, සුපිරිම තරුව වෙනවා වගේ හීන අතර තමයි එයාලා රඟපාන්න වරම් හොයන්නේ.
ඒත් දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ඊට වැඩිය වෙනස් තාලෙට රංගනයට අහම්බෙන් වාගේ ආපු සුපිරි තරුවක්. Sri Lanka Latest News

දිනේෂ් ප්‍රියසාද් ලංකාවේ ජනප්‍රියම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණත්, ප්‍රවීණ කලාකාරයෝ එයාලගේ ගෙදරට නිතර ආව ගිය හොඳ කලා ලොවට සමීප පසුබිමක ඈ ජීවත් වුණත් නිළියක වෙන හීනයක් ඇයට තිබුණෙ නැහැලු. ශේෂාද්‍රිට නම් චිත්‍රපටයක රඟපාන්න මොකක්දෝ ආසාවක් තිබුණාලු. ඒ හින්දා ඈ ඒකට චාන්ස් එකක් එනතුරු බලන් හිටියාලු.

ඔය අතර තමයි ශේෂාද්‍රිට ටෙලියක ප්‍රධාන චරිතයට ආරාධනාවක් ආවේ. ෆිල්ම් එකක රෝල් එකක් බලාපොරොත්තුවෙන් හිටිය නිසා එයා ටෙලියකට මනාප වුණේ නැහැලු. පස්සේ ඒ ආරාධනාව දිනක්ෂිට ආවා. ඇයත් එය රිජෙක්ට් කළා. ඒ අතර ප්‍රියසාද් පවුලේ අම්මා ශිරාණි ප්‍රියසාද් දිනක්ෂිට කිව්වලු ඒ ටෙලිය භාරගන්න කියලා. ලස්සනම ලස්සන දූවරු තුන්දෙනෙක් තමාට හිටපු නිසා එයාලව නිළියෝ කරන පුංචි ආසාවක් ශිරාණිට තිබුණා කියලයි කියන්නේ. ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ඒ ලෙවල් කරන කාලේ තමයි ඇගේ අම්මා දිනක්ෂිට ඒ යෝජනාව කරලා තියෙන්නේ. ඒ හැටි ආසාවක් නැතිව වුණත් අම්මගේ ආදරණීය ඇවිටිල්ලට ඈ ටෙලියේ රඟපාන්න කැමැති වුණාලු. කොහොමත් ශේෂාද්‍රි රිජෙක්ට් කරපු කැරැක්ටර් එක ඊගාවට දිනක්ෂිට ආව නිසයි ශිරාණි අම්මා ඒ යේජනාව දිනක්ෂිට ගෙනාවේ. ටෙලියෙ නම ‘වස්සාන සිහිනය’ දිනක්ෂි එහි මේන් රෝල් එක කළා. ටෙලිය ෆේමස් වුණා. ඇයට තව තව ආරාධනා එනකොට ඈ ඒ සියල්ල රිජෙක්ට් කරලා ඒ ලෙවල් එග්සෑම් එකට ලියලා වැඩිපුර අධ්‍යාපනයටත් යොමුවුණා.

එයින් අවුරුදු තුනකට විතර පස්සේ ප්‍රවීණ ටෙලි නිර්මාණකරු චාමර ජනරාජ් පීරිස් දිනක්ෂිට ‘පියවි’ ටෙලියට කතා කළා. ස්ක්‍රිප්ට් එක වෙනස් එකක් නිසා ඈ එයට ආසාවෙන් ඇග්‍රිමන්ට් සයින් කෙරුවා. ‘පියවි’ කියන්නේ යං ජෙනරේෂන් එක අතර මරුවට හිට් වෙච්ච ටෙලියක්. ඔන්න ඉතින් දිනක්ෂිට හෝගාලා ටෙලි චරිත පොකුරු ගණන් එන්න ගත්තා. ෆෑන්ස්ලා ගොඩක් ඇය වටා එකතු වුණා. තාත්තගේ ෆිල්ම් එකක හුඟක් චූටිම කාලේ පොඩි ඇක්ටිං එකක් කරලා තිබුණත් නිළියක වෙන හීනේ හිත කොනකවත් නොතිබුණු දිනක්ෂි ප්‍රියසාද් කියන ජනප්‍රිය තරුව අහම්බයකින් නිළියක් වුණේ එහෙමයිලු.
කොහොමද ඇය අද ඇවිදින් තියෙන දුර?

චිත්‍රපට 10කටත් වැඩිය ඈ රඟපාලා අවසන්. ටෙලි ගණන කියන්නත් මතක නැහැ. ඒ වගේම චරිතාංග දක්ෂ නිළියක වූ දිනක්ෂි සම්මානනීයයි.
ඒක එහෙම තමයි. දෛවය සමහර මිනිස්සුන්ට තිළිණ කරන සුපිරි අහම්බයන් සමහර විට හිතාගන්නත් බැහැ. ඔන්න ඕකයි කතාව.

මල්මි කෞෂල්‍යා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here