හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  විමර්ශන කමිටුව හමුවට කැඳවීමට තීරණය කරයි

0
5


හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු යෝජනාවක් මගින් පත් කරන ලද විමර්ශන කමිටුව හමුවට  කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ ඔහු  ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි.

ඒ අනුව 2025 මැයි 19 වන දින  පස්වරු 2.00 ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 8 හිදී  කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසටයි  හිටපු පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.

ගරු සභාපතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ විනිසුරු වරුන් ලෙස ගරු විනිසුරු  ප්‍රීති පද්මන් සූරසේන සහ ගරු එම්. විනිසුරු නීල් ඉද්දවල සහ ගරු ලලිත් ඒකනායක  කටයුතු කරනු ලබනවා.

2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ විධිවිධාන යටතේ කමිටුව විසින් සිය විධානයට අනුකූලව පරිපූර්ණ විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here