හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තවදුරටත් රිමාන්ඩ්

0
4

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

බ්‍රිතාන්‍යයේ පුද්ගලික සංචාරයක නිරත වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් ලක්ෂ 162කට අධික මුදලක් අනුමත කිරීම තුළින්, එම වරදට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට සමන් ඒකනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

ඒ අනුව ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here