වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්, සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් ඒ සඳහා පත් කරමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරයක් සඳහා අරමුදල් අනුමත කිරීමේ සිද්ධියකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳව මෙහිදී හිටපු ජනාධිපතිනිය විශේෂයෙන් සඳහන් කර ඇත.
එහිදී තමා සමන් ඒකනායකව පෞද්ගලිකව හඳුනන බවත්, ඔහු ඉතා අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක රාජ්‍ය නිලධාරියෙකු බවත් ඇය සඳහන් කර තිබේ.
එමෙන්ම යුක්තිය පසිඳලීම තෝරාගත් පිරිසකට පමණක් සීමාවීම රටේ පාලන පද්ධතියට බරපතළ තර්ජනයක් බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙහිදී අවධාරණය කර ඇත.
Saru News








