රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුවේ 4 වන සැකකරු වන සරත් කුමාර එදිරිසිංහ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අද (04) උදෑසන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ .
අදාළ පුද්ගලයා මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා .
සරත් කුමාර එදිරිසිංහ නැමැත්තා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Saru FM Media