Saturday, May 24, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක T56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක T56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට

0
3


former-minister-duminda-dissanayake-arrested-over-t56-firearm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපෙළ දේශපාලනඥයකු සහ හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක තිඹිරිගස්යාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. වැල්ලවත්ත හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් සන්තකයේ හමුවූ රන් ආලේපිත T56 වර්ගයේ ගිනි අවියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිස් මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ අදාළ ගිනි අවිය හිටපු අමාත්‍යවරයාට අයත් වන බවයි. හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකගේ ගමන් මල්ලක් තුළින් සොයාගත් මෙම රන් ආලේපිත T56 ගිනි අවිය දුමින්ද දිසානායකගේ බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.


හිටපු අමාත්‍යවරයා මීට මාස හයකට පෙර සිය අරක්කැමියා මඟින් මෙම ගිනි අවිය හැව්ලොක් සිටි කාන්තාවගේ නිවසට යවා එය සඟවා තබන ලෙස උපදෙස් දී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. හිටපු ඇමතිවරයාගේ අරක්කැමියා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පෙරේදා අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් ඇත.
පොලිස් තවදුරටත් අනාවරණය කර ගෙන ඇත්තේ එම හිටපු ඇමතිවරයා හැව්ලොක් සිටි නිවසේ පදිංචි 68 හැවිරිදි කාන්තාවගේ සමීපතම මිතුරෙකු වන බවයි. මෙම කාන්තාව මෙම අවිය සහිත බෑගය භාරගෙන ඇත්තේ එහි T56 ගිනි අවියක් තිබෙන බව නොදැන බව පොලිස් විමර්ශනවලින් නිගමනය වී ඇත.


මෙම බෑගය මාස හයක් තිස්සේ එම කාන්තාවගේ නිවසේ තිබී ඇත. පෙරේදා එම කාන්තාවගේ පුත්‍රයකු විනෝද චාරිකාවක් යෑම සඳහා මෙම බෑගය ගෙන ඇත. එම අවස්ථාවේ බෑගය සමග ගිනි අවිය කාන්තාව විසින් සිය මෝටර් රථයේ ඩිකියේ දමාගෙන කරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. මෙම අහම්බ සිදුවීම නිසා මෙම බරපතල සිද්ධිය ප්‍රසිද්ධියට පැමිණීමට හේතු වී ඇත.
මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරීන් දැක ඇත්තේ ඒ අතරතුරදී වන අතර පසුව ඔවුන් ඒ බව වැල්ලවත්ත පොලිසිය වෙත දැනුම් දී ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ අවිය පරීක්ෂා කිරීමේදී එය සෙල්ලම් අවියක් නොවන බවත් නවීනපන්නයේ T56 ගිනි අවියක් බවත් හෙළිවී ඇත.
මෙම T56 ගිනි අවිය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් භාවිතා කරන ප්‍රධාන ගිනි අවි වර්ගයකි. මෙම අවියක් සිවිල් පුද්ගලයකු සන්තකයේ තිබීම බරපතල ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් ලෙස සලකනු ලබයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here