රෂිකා හෙන්නායක අප්‍රේල් 03,කොළඹ LNW :
අද (3) පස්වරුවේ දී හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙකු මියගොස් ඇති අතර, ප.ව. 7ට පමණ වෙළෙඳසැළක රැඳී සිටි විවාහක යුවළක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණු බව වාර්තා වේ.
එහිදී , තුවාල ලැබූ දෙදෙනාම ගාල්ල කරපිටිය රෝහලට ඇතුළත්කළ අතර, පිරිමි පුද්ගලයා (ස්වාමි පුරුෂයා) මියගොස් ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පැවසෙන අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.
සබැඳි පුවත්
Saru FM Media