හැව්ලොක් සිටි හීදී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

0
3


කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ටී-56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම කාන්තාවන් දෙදෙනා බත්තරමුල්ල හා කොළඹ 06 ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලීසිය පැවසුවේ. 

ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවද පොලීසිය පැවසුවා.

කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් අදාළ ටී-56 ගිනි අවිය සිය නිවසට රැගෙන යමින් සිටියදී එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු දැක තිබෙනවා. 

පසුව ඔහු විසින් වැල්ලවත්ත පොලිස් ස්ථානයට කරන ලද දැනුම්දීමකට අනුව එම ගිනි අවිය සමඟ පළමුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවා. 

එම රන් ආලේපිත ටී-56 ගිනි අවිය ගමන් මල්ලක බහා තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here