Wednesday, May 21, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත T-56 ගිනි අවියක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු...

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත T-56 ගිනි අවියක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
3


two-women-arrested-with-gold-plated-t-56-firearm-at-havelock-city-housing-complex

කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සමග කාන්තාවක් ඊයේ මැයි 20 වන දින පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම කාන්තාව තම මෝටර් රථයේ රන් ආලේපිත ටී 56 ගිනි අවියක් රැගෙන යනු දුටු හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකු විසින් ඒ පිළිබඳව වහාම පොලිසියට දැනුම් දී ඇත.

මෙම තොරතුර ලැබීමෙන් අනතුරුව වැල්ලවත්ත පොලිසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ අදාළ රන් ආලේපිත ගිනි අවිය සමඟ කාන්තාව පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රකාශක සඳහන් කළේ, අත් අඩංගුවට ගත් ගිනි අවිය සැබෑ ගිනි අවියක්ද නැතහොත් සාවද්‍ය ගිනි අවියක්ද යන්න සම්බන්ධයෙන් සහ අදාළ කාන්තාවට මෙම ගිනි අවිය ලැබුණු ආකාරය පිළිබඳව ගැඹුරින් පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි.
මේ අතර, හැව්ලොක් නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගත් ටී-56 ගිනි අවිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වැල්ලවත්ත පොලිසිය අද තහවුරු කර ඇත. මැයි 20 වන දින දහවල් කාලයේදී හැව්ලොක් නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගන්නා ලද ටී-56 ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය සමඟ තවත් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා පිළිවෙළින් අවුරුදු 40ක් සහ 68ක් වයස් වූ, බත්තරමුල්ල සහ කොළඹ 06 ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව වාර්තා වේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා මැයි 21 වන දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර, මෙම සිද්ධිය පිටුපස ඇති සැබෑ හේතුව සොයා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර ඇති බව ද වාර්තා වේ.


gossiplanka image 2


gossiplanka image 1



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here